කියන්නට අවැසි වුව
කියාගත නොහැකි වූ..
සිහින බෝ ඇත මෙ මට
තවම නොම මිලින වූ…

මෙරක් පෙම සිත් දරන්
ලසෝ  ගිනි අවුළුවන්
මග බලමි තව තවත්
නො එන බව දැන දැනත්..

පෙමක් නම් අසිරි මැයි
කිරි සයුර පරදවයි..
එවන් පෙම බිඳුණු කළ
හදක් කොයි ඉතුරු වෙයි..

නමුත් තව කල් බලමි
තවත් ඔබව ම පතමි..
දසක් දෙන සෙනේ වුව
නුඹට පමණක් බැඳෙමි..

පතා ආ නිසාවෙන්
හමු වුව ද දෙනෙත් යුග..
දිගු බැවින් සසර තව
නොම කියම් අයිති වග..

දිවි ගමන දිනන්නට
සෙනේහෙන් බැඳෙන්නට..
සුභාසිරි පතන්නෙමි,
ආදරෙයි බොහෝ මම..

Leave a comment